Sunday, June 11, 2023
පාසල් ගීය
පාසල් ගීය
ජය ජය වේ මෑණි - අප විදුහල් මෑණි
විදුහල් අඹරේ මඟ තරුවක් වී - ජය ජය වේ මෑණි
ගත් සිත් එඩියෙන් දිරි ගන්වා - නීල ස්වේද වරණින් ධජ නංවා
ශාන්ත ශීල සිසුන් සාදමු - ශාන්ත පවුලේ විදුහලිනා
ජය ජය වේ මෑණි.....
විද්වත් පඬුවන් බිහිකරවා - නේක කලා නිපුණින් පණ ගන්වා
වීර ධීර කතුන් සාදමු - ශාන්ත පවුලේ විදුහලිනා
ජය ජය වේ මෑණි.....
දැක්ම හා මෙහෙවර
දැක්ම :
ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් පිරිපුන් දියණියක් විශ්වීය පවුලට
මෙහෙවර :
"සමඟිය බලය වේ." යන්න පෙරදැරිව ජාතික අපේක්ෂණ සාක්ෂාත් කරමින් නිපුණතා පාදක ගුණාත්මක අධ්‍යාපන ක‍්‍රියාවලියක් තුළින්, විභව ශක්තීන් උද්දීපනය කර ආගමික සහජීවනයක් තුළ විශ්වීය ඒකාබද්ධතාවය සුරකිමින් නව ලොව අභියෝග ජයගත හැකි, ප‍්‍රඥාසම්පන්න, සුචරිතවත්, පිරිපුන් මානවිකාවක් ලොවට දායාද කිරීම.
තේමා පාඨය : "Glory to God alone"
පාසල පිළිබඳව
පාසල පිළිබඳ හැඳින්වීම
පාසලේ නම : ව/කු/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය
පාසල ආරම්භ කළ දිනය : 1870 සැප්තැම්බර් 08
ලිපිනය : මිහිඳු මාවත, කුරුණෑගල
පාසල් අංකය : 18106
සංගණන අංකය : 17296
ඉගැන්වීමේ මාධ්‍යය : සිංහල හා ඉංග‍්‍රීසි
අධ්‍යාපන කොට්ඨාසය : කුරුණෑගල
අධ්‍යාපන කලාපය : කුරුණෑගල
පළාත් පාලන ආයතනය : කුරුණෑගල මහ නගර සභාව
දුරකතන අංකය : 037-2223287
ඉතැපැල් ලිපිනය : hfbmv17296@gmail.com
පාසලේ වර්ගය : 1AB බාලිකා පාසලකි.
පාසල් වර්ගීකරණය : ඉතා ප‍්‍රියමනාප
වර්තමාන විදුහල්පතිගේ නම : ගරු පී. ඒ. ජේ. පී. පෙරේරා පැවිදි සොයුරිය
පාසලේ ඉතිහාසය
පාසල පිළිබඳ හැඳින්වීම / ඉතිහාසය
පාසලේ ඉතිහාසය
හස්තිශෛලපුරවරයේ ප‍්‍රථම කාන්තා පාසල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයයි. වර්ෂ 1870 සැප්තැම්බර් මස 08 වන දින සිසුන් 42ක ගෙන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ආරම්භ විය. පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අප විද්‍යාලය වර්තමානය වන විට ස්ථිර ගොඩනැගිලි රාශියකින් සමන්විත ප‍්‍රියමනාප පාසල් පිරියතකට උරුමකම් කියයි.
අප විද්‍යාලයේ පළමු විදුහල්පතිතුමිය වූයේ ගරු මදර් මාරි ජොසපින් බැටිඞ් නම් වූ විදේශීක පැවිදි සොයුරියයි. 1873 ඉංග‍්‍රීසි හා සිංහල මාධ්‍යයන් ඉගෙන ගන්නා පාසල් දෙකක් ලෙස ක්‍දබඩැබඑ ඨසරකි. ීජයදදක හා ක්‍දබඩැබඑ ීසබය්ක් ඨසරකි. ීජයදදක ලෙස නම් කරන ලදී. මෙම විද්‍යාල දෙක 1976 දී ඒකාබද්ධ කර රජයට පවරා ගැනීමෙන් පසුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය ලෙස නම් විය. ශුද්ධ වූ පවුලේ පැවිදි සොයුරියන්ගේ අප‍්‍රතිහත පැබවීමේ හා නායකත්වයේ පහස ලබමින් එදා මෙදා තුර ගුණ නැන දම් පිරි අභිමානවත් කාන්තා පරපුරක් ලොවට දායාද කිරීමේ උදාර කාර්යයට දායක වී සිටින ශුද්ධ වූ පවුලේ බාලිකාව, වත්මනෙහි ශිෂ්‍යාවන් 2414ක ගෙන් හා ගුරුවරු 117 දෙනෙකුගෙන් සමන්විත දෙස් විදෙස් නම රැන්දූ බරිත වෘක්ෂයකි.
-
පාසල පිළිබඳ හැඳින්වීම / ඉතිහාසය පාසලේ ඉතිහාසය හස්තිශෛලපුරවරයේ ප‍්‍රථම කාන්තා පාසල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයයි. වර්ෂ 1870 ...
-
පාසල පිළිබඳ හැඳින්වීම පාසලේ නම : ව/කු/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය පාසල ආරම්භ කළ දිනය : 1870 සැප්තැම්බර් 08 ලි...