Sunday, June 11, 2023

පාසලේ ඉතිහාසය

පාසල පිළිබඳ හැඳින්වීම / ඉතිහාසය

පාසලේ ඉතිහාසය

හස්තිශෛලපුරවරයේ ප‍්‍රථම කාන්තා පාසල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයයි. වර්ෂ 1870 සැප්තැම්බර් මස 08 වන දින සිසුන් 42ක ගෙන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ආරම්භ විය. පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අප විද්‍යාලය වර්තමානය වන විට ස්ථිර ගොඩනැගිලි රාශියකින් සමන්විත ප‍්‍රියමනාප පාසල් පිරියතකට උරුමකම් කියයි. 

අප විද්‍යාලයේ පළමු විදුහල්පතිතුමිය වූයේ ගරු මදර් මාරි ජොසපින් බැටිඞ් නම් වූ විදේශීක පැවිදි සොයුරියයි. 1873 ඉංග‍්‍රීසි හා සිංහල මාධ්‍යයන් ඉගෙන ගන්නා පාසල් දෙකක් ලෙස ක්‍දබඩැබඑ ඨසරකි. ීජයදදක හා ක්‍දබඩැබඑ ීසබය්ක් ඨසරකි. ීජයදදක ලෙස නම් කරන ලදී. මෙම විද්‍යාල දෙක 1976 දී ඒකාබද්ධ කර රජයට පවරා ගැනීමෙන් පසුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය ලෙස නම් විය. ශුද්ධ වූ පවුලේ පැවිදි සොයුරියන්ගේ අප‍්‍රතිහත පැබවීමේ හා නායකත්වයේ පහස ලබමින් එදා මෙදා තුර ගුණ නැන දම් පිරි අභිමානවත් කාන්තා පරපුරක් ලොවට දායාද කිරීමේ උදාර කාර්යයට දායක වී සිටින ශුද්ධ වූ පවුලේ බාලිකාව, වත්මනෙහි ශිෂ්‍යාවන් 2414ක ගෙන් හා ගුරුවරු 117 දෙනෙකුගෙන් සමන්විත දෙස් විදෙස් නම රැන්දූ බරිත වෘක්ෂයකි. 


No comments:

Post a Comment

පාසලේ පිහිටීම